spot_img

මැදි ආදායම්ලාභීන් නට්ටම් වෙන නව බදු

ශ‍්‍රී ලංකාවේ දිළිදු ජන කොටස ආර්ථික අර්බුදය සමග බලවත් අපහසුතාවලට ලක්ව ඇත. අතරමැදි ජන කොටස එනම්  මධ්‍යම පංතිය ගැන අවධානය අවශ්‍යය. ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් දුප්පත්කම පවතින අතර දුගීකම තුරන්කොට ජනී ජනයා නගා සිටුවන සංවර්ධන සැලැසුම් ක‍්‍රියාවට නැංවේ. ආර්ථික දියුණුව තුළ එහි ප‍්‍රතිලාභ සමාජයේ පහල තලයට කාන්දු වනු ඇති බව විශේෂඥ මතය වී තිබේ. අර්බුදයකට පත්වන පසු, එයින් ගැලවෙන්නට ගන්නා ක‍්‍රියාමාර්ග තවත් අහිතකර ලෙස සමාජයට එල්ල වේ.

දිළිදු ජනතාව නගා සිටුවන, විවිධ වැඩසටහන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාවට නංවා ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අන්ත දිළිදු භාවය තුරන් වී මැදි ආදායම් ස්ථරය වර්ධනය විය. ළමා හා මාතෘ මරණ අඩු, සෞඛ්‍ය තත්ත්වයෙන් උසස් සහ හොද අධ්‍යාපන පසුබිමක් සහිත රටක් දක්වා පැමිණ ඇත. ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සසදන පසු ප‍්‍රශස්ථ ජීවන මටට්මක පසුවේ. මැදි ආදායම් රටක මටට්මට ශ‍්‍රී ලංකාව පත්ව සිටි අතර මෑත වසර කිහිපය තුළ හටගත් අභ්‍යන්තර හා බාහිර කම්පන හේතුවෙන්, ජන ජීවිත නැවතත් අභියෝගාත්මක තැනකට පත්ව ඇත. සමාජයේ සියළුම කොටස් බලවත් පීඩනයකින් පසුවන අතර ආවේගශීලී තත්ත්වයක පසුවේ. අධික ජීවන වියදම සහ එදිනෙදා මුුහුණ දෙන සංකීර්ණ තත්ත්ව සලකා විධිමත් සැලැස්මකට අනුව මුහුණ දී ඇති ගැටළු නිරාකරණය නිරාකරණය කරගැනීම අවශ්‍යය.

ආර්ථික විද්‍යාඥයන්ගේ ඉලක්කම් හා සමාජ ව්‍යුහය

ත‍්‍රස්තවාදය තුරන් කිරීම සමග ඇති වූ ආර්ථික ප‍්‍රසාරණය, ඉල්ලූම ඉහළයෑමට බලපෑ අතර සැපයුම හා සංවර්ධන අවශ්‍යතා සදහා වානිජ ණය වෙළද පොලට ඇතුළු විය. දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්වන ව්‍යාපෘතිවලට ආයෝජනය සදහා ඉහළ පොලී අනුපාතවලට ණය ලබාගෙන ඇත. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව සහ කොවිඞ් වසංගත තත්ත්වය විසින් ණය චක‍්‍රයක, පසුවූ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අස්ථාවර කරනු ලැබීය. ඛනිජ තෙල්, විදුලිය, ගෑස්, පොහොර, ඖෂධ හා ඇතැම් ආහාර වර්ග ඇතුළු මූලික අවශ්‍යතා සැපයුම අඩාල වූ අතර උද්ගතව තිබුණ තත්ත්වය මැද විදේශ ණය ගෙවීම පවා අත්හිටුවන්නට සිදුවිය.

මෑත ඉතිහාසය තුළ ඇති වූ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ නැවත ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලංකාව ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හා තාක්ෂණික සහාය ලබාගෙන ඇත. මෙහි දී සැපයුම කළ හැකි තරමට ඉල්ලූම පාලනය කරන අතර රජයේ ආදායම නංවන පියවරක් වශයෙන් අලූත් බදු ගණනාවක් පනවා තිබේ. විදුලිය, ඉන්ධන හා ගෑස් ඇතුළු අංශ ගණනාවක මිල සූත‍්‍ර ක‍්‍රියාත්මකය. තීරණගන්නා විශේෂඥ පිරිස් අය වැය වියදම් සලකා තීරණ ගන්නා නමුත් ජනතාව මුහුණ දී ඇති පීඩනය මැනැවින් අධ්‍යයනය කළ යුතු ඇත.

මෙතෙක් ලැබුණ සහන ඉවත්කරන අතර සහන ලැබිය යුතු ජන කොටස් තෝරා අස්වැසුම නමින් අලූත් ආධාර ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. පැවැති ආණ්ඩු ජනසවිය, සමෘද්ධිය වැනි සහන දෙන අතර තෝරාගත් පවුල් සවිබලගන්වන ආධාර ක‍්‍රම ක‍්‍රියාත්මක කළේය. ඒවායේ දුබලතා ගැන විවේචන තිබුණ නමුත් සමාජ දර්ශනයක් ගැබ්ව තිබුණි. මෙතෙක් පැවැති සුබසාධන සේවා ඉවත්කළ පසු ආර්ථික අර්බුදයකින් පීඩාවි`දින සමාජය සුරක්ෂිත කළ හැකි ද යන්න ප‍්‍රායෝගිකව සලකා බැලිය යුතුය. ආර්ථික විශේෂඥයන් ඉලක්කම් පෙන්වන නමුත් සමාජය සමග ගැටෙන, ජනතාවගේ දුක දැනෙන්නේ දේශපාලනඥයන්ට හා සමාජ නායකයන්ට බව වටහා ගත යුතුව ඇත.

පරිවර්තනයක් කළ හැකි මධ්‍යම පංතිය 

දැනට කරගෙන යන ආර්ථික ප‍්‍රතිසංස්කරණ සෑම කොටසකටම දරුණු බලපෑමක් කර ඇත. ඉහළම ස්ථරය හා සමාජයේ පහල ස්ථරය මෙම පීඩනය කිසියම් ආකාරයකට දරාගෙන ඇත. දෛනික ආදායම් ලබන පිරිස් ඔවුන්ගේ කුලී වැඩ සදහා අය කරන ගාස්තු, ත‍්‍රිවිලර් ගාස්තු යනාදිය නංවා තිබේ. ඉහළම පංතියේ කොටස ද ඔවුන්ගේ ව්‍යාපාර, කර්මාන්තවල ව්‍යුහ වෙනස්කර සුපුරුදු පැවැත්මට අවතීර්ණ වී තිබේ. ආර්ථිකය නැවත ගොඩනගන්නට කෙටිමාර්ග නැත. පරිවර්තනයක් නොකළහොත් දැනට පවතින තාවකාලික තත්ත්වය නැවත වෙනස් විය හැකිය. ආදායම් උත්පාදනය කරන අලූත් සැලැසුම්වලට යන අතර සාමාන්‍ය ජනතාව එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ පැති අවබෝධ කරගෙන තීරණ ගැනීම අවශ්‍යය.

පවතින ආර්ථික අර්බුදය තුළ සමාජයේ ඉහළ හා පහල පන්ති අතර යම් තුලිතතාවයක් පවතින නමුත් මධ්‍යම පංතියේ ජන කොටස් වැඩිම බලපෑමකට පත්ව සිටී. ඔවුන්ට ආණ්ඩුවේ සහන ලැබෙන්නේ නැති අතර අලූතින් පනවන ලද බදුවලට යටත්ව සිටී. අවස්ථා සොයා නගරවලට පැමිණි මෙම පිරිස දරුවන් හොද පාසලකට ඇතුළු කර, ඉඩමක් මිල දී ගෙන නිවෙසක් තනන අතර ඇතැම් කොටසක් වාහනයක් ද මිල දී ගත් කණ්ඩායමකි. මෙම කටයුතු සදහා ණය ගෙන ඇත. උපයන මුදල් සකසුරුවමින් හසුරුවමින් සිටියේය. පනවන ලද අලූත් බදු හා උපයන ආදායම පහත වැටීම හේතු කොටගෙන මැදි ආදායම් ජන කොටසට පැවැත්ම දුෂ්කර වී ඇත.

රටක් දියුණුවන විට මධ්‍යම පංතියේ ප‍්‍රසාරණයක් සිදුවේ. මැද පංතියේ ජන කොටස ප‍්‍රමාණාත්මකව වර්ධනය 1950 ගණන්වල ඇමරිකාවේ සංවර්ධනයට සාධකයක් විය. හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඉදිරිපත් කරන ජාත්‍යන්තර ප‍්‍රකට වැඩසටහනක දී ඔහු ඇමරිකානු ආර්ථිකයේ පසුබෑම ගැන සාකච්ඡා කළේය. ප‍්‍රධාන පෙලේ සමාගම් කිහිපයක ඉහළ, මැද හා පහල ස්ථරයේ කාර්යය මණ්ඩලය සමග නිදහසේ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ අදහස්වලින් ආර්ථික විෂමතාව හා පන්ති පරතරය පුලූල්වීම ගැන අදහස් හෙළිදරවු කළේය.  මැද පන්තියේ බිද වැටීම පවතින ආර්ථික ව්‍යාකූලතා වලට බලපෑ ප‍්‍රධාන සාධකයක් ලෙස හදුනාගත්තේය. ඉහළ හා මැද ස්ථර අතර වැටුප්, වරප‍්‍රසාද හා සේවක අයිතිවාසිකම් කිහිප ගුණයකින් වැඩිවී තිබේ. එය හේතුකොටගෙන ආයතනවල තිබුණ එකමුතුභාවය, වැඩ කිරීමේ ජීව ගුණය පහතට වැටී ඇත. කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය අඩුවීමට එය හේතුවක් වී තිබේ. අඩු පහසුකම් ලැබෙනවිට කැපවීම අඩුවේ.

ලැබෙන පහසුකම් කැපවීම සීමාවන සාධකයකි

මැද පන්තියේ ජනතාවගේ උද්යෝගය බිදවැටීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ද ප‍්‍රශ්නයක් වී ඇත. වැඩිපුර මහන්සි වී තවත් ධනය ඉපැයිය යුතු ඇයි යන ප‍්‍රශ්නය ඔවුහු ඉදිරිපත් කරති. යහමින් උපයනවිට වැඩිපුර බදු ගෙවන්නට සිදුවේ. නිවසක් මිල දී ගැනීම, වාහනයක අයිතිය යන අපේක්ෂා තාවකාලිකව පසෙක තබන තරමට මධ්‍යම පන්තියේ ජනකොටස් ආකල්ප වෙනස් කරගෙන ඇති බව පෙනේ. පැහැදිලිවම උත්සාහය, ජවය සම්බන්ධ ප‍්‍රශ්නයකි. ධනය උපයන විට සෑහෙන ප‍්‍රතිශතයක් ආපසු බදු වශයෙන් අය කරගන්නා අතර තවත් කොටසක් නීතිවලට එපිටින් කටයුතු කරමින් විශාල ධනයක් ස`ගවාගෙන සිටින බව ඒත්තු ගැන්වීම තවත් ප‍්‍රශ්නයකි. රටක් දියුණු කිරීමේ දී සියළු ජන කොටස් එකතු කරගත යුතුය. සමාන අවස්ථා ඉතාම වැදගත්ය. යුක්ති සහගත පරිසරය තුරන් වන විට ඇති වන අතෘප්තිය බරපතල තත්ත්වයකි.

මෑතක සිට පවතින සමාජ අතෘප්තිකාරී ස්වභාවය ගැන අප සියළු දෙනාටම අත්දැකීම් තිබේ. තොට ඇතැම් කොටස් හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් ඇත. කලබලකාරීය. සුළු දෙයකට පවා ඝෝෂා කරයි. ආත්මාර්ථකාමීව හැසිරේ. රජයේ හෝ පුද්ගලික අංශයේ කාර්යාලවල පවා සේවා අඩාල වී ඇත. තමන්ගේ වැඩ අවසන්වූ පසු පැත්තකට වෙන ක‍්‍රමයක් පවතී. කණ්ඩායම් හැගීම අඩු වී ඇති අතර වෙනත් රටකට ගොස් ජීවත්වීමට කැමැත්තෙන් පසුවේ. ආර්ථිකයක ඇතිවන අර්බුදකාරී තත්ත්ව, අවසානයේ දී සමාජයේ පැවැත්මට බලපාන ආකාරය, විශේෂයෙන් මැද ආදායම් ඇති පිරිස් වෙනස් වී ඇති ආකාරය මෙම සිද්ධිවලින් පැහැදිලිවේ.

පංච මහා බලවේගය අදට වලංගු නැත

1956 සිදුවූ සමාජ පරිවර්තනයට හේතු වූ සාධක දෙස ආපසු හැරී බැලිය යුතුය. සග වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේගය එකට එකතු කරන්නට දේශපාලන නායකත්වයට හැකිවිය. පනස් ගණන්වල සමාජයේ මැද පන්තිය නියෝජනය කළේ මෙම පිරිසය. රජයේ හෝ කාර්යාලයක සේවය කරන කම්කරුවෙකුට පවා හොද පිලිගැනීමක් තිබුණි. සංඝරත්නයට, වෙද මහත්මයා සහ ගුරුවරයා කෙරෙහි ගෞරවයක්, ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට එකගවීම දැකගත හැකිවිය. 1977 දී විවෘත ආර්ථිකය සමග වෙනස් ආකාරයකට ද, යුද්ධය අවසන් කිරීමෙන් පසු නාගරික වශයෙන් ද මෙම මැද පංතිය ප‍්‍රසාරණය විය. විදේශගතව ආදායමක් සොයාගත් පිරිස හා ආරක්ෂක අංශවල පිරිස් ද මෙම මැද පංතියට එකතු විය. ආර්ථික ව්‍යාකූළතා සහ අවස්ථා අහිමි සමාජය තුළ සංස්කෘතික හා මානව සබදතා සීමා විය. සමාජ විනය ගරුත්වය බිද වැටිණ. මැද පන්තිය නියෝජනය කළ පිරිසගේ අභිමානය අඩු වූ අතර ආර්ථිකයෙන් එල්ල වූ බලපෑම පමණක් නොව, පිලිගත් චරිත ක‍්‍රමය තුළ හැසිරුණ ආකාරය ද මෙම පිරිහීම ඉක්මන් කළේය.

වර්තමානයේ අප මුහුණ දී ඇති ප‍්‍රශ්න තුළ පන්සල, පාසල, රෝහල, ගොවිපොල හා ආයතන විකෘති වී තිබේ. දහම් පාසලක් වෙනුවට එතැන ටියුෂන් ව්‍යාපාරයකි. ඇතැම් ස්වාමීන් වහන්සේලා ශාසනික පිලිවෙත් ඉක්මවා ජාතික වගකීම භාරගෙන ඇත. බොහෝ දුරට පාසලට වඩා පුද්ගලික ටියුෂන් පංතිය ඉහළට පැමිණ තිබේ. වෛද්‍යවරයා ගේ තිබුණ කරුණාව වෙනුවට එය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. කෘෂිකර්මය පිරිහී ඇත. ගොවිතැන අත්හැර දමන තැනට පත්ව ඇති බව පර්යේෂණ වාර්තා පවා දක්වයි. වැඩ කරන ජනතාවගේ ඛේදවාචකය වෙනම සාකච්ඡා කළ යුතුය. වැඩබිම වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාරවල ග‍්‍රහණයට නතු වී ඇත. අලූත් තීරණයක්, අලූත් සංවර්ධනයක් හෝ කාලානුරූප පරිවර්තනයක් සදහා ඒවායෙන් යැපෙන පටු ආකල්ප සහිත කොටස් කිසිම අවස්ථාවක් දෙන්නේ නැත.

සිවිල් සංවිධාන, ඇතැම් ජනමාධ්‍ය පවා මෙම තත්ත්වයට වගකිව යුතුය. කර්තෘ පාලනයෙන් ගිලිහීගිය සහ තමන් දකින දේ හරි වැරැද්ද තීරණය නොකර වහාම සන්නිවේදනය කරන මාධ්‍ය ජාලාවලින් ඇතිකරන විනාශය සුළු පටු නොවේ. මේවා ආපසු හරවා ගැනීම පහසු නැති බව දැක්විය යුතුය. ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කිරීම හෝ අලූත් සංවර්ධන සැලසුම් මෙම සියළු කරුණුවල එකතුවක් විනා හුදෙක් ඉලක්කම් ගැලපීමක් පමණක් නොවේ.

ආර්ථිකය ගොඩනගන අතර සමාජ බලමුළු ගැන්වීමක්

ආර්ථිකය නගා සිටුවන අතර සමාජය නැවතත් ගොඩනගන්නේ කෙසේද? අය වැය ගැලපීමෙන් ගැටළු විසදාගත හැකි බව කල්පනා කරන නමුත් ශ‍්‍රී ලංකාවේ අර්බුදය එම වපරිසය ඉක්මවා ගිය එකකි. අරගලය ඇතිකරන ලද සංවාදය තුළ සිස්ටම් වෙනස් කරන සේ බලකරන හේතු හදුනාගත යුතුව තිබේ. මෙම ක‍්‍රමය තව දුරටත් වලංගු නැත. දකුණේ ත‍්‍රස්තවාදය හෝ උතුරේ ත‍්‍රස්තවාදය අපට උගන්වන ලද පාඩම් මොනවාද? මෙම කරුණු ගැඹුරින් අධ්‍යයනය කර සමස්ථ විසදුමක් යෝජනා කිරීම හැර ණය කපා හැරීම, බදු වැඩි කිරීම, ආයෝජනයට ඉඩදීම හෝ පුද්ගලීකරණය වැනි හුදෙකලා සිද්ධිවලින් පමණක් රටක් ආපසු හරවන්නට හැකියාවක් නැත.

ශ‍්‍රී ලංකාවේ දුප්පත්කම ඉහළ ගොස් ඇත. ඉහළ හා පහල අතර ආදායම් විෂමතාවයකි. මධ්‍යම පංතියේ ජන කොටසට බලපා ඇති ප‍්‍රශ්න ගැන අවධානයක් නැත. ඇතැම් පිරිසකට එදිනෙදා අවශ්‍යතා සපුරාගන්නට තරම් ආදායමක් නැති තත්ත්වයක් උදා වී තිබේ. කම්හල් වැසීයන අතර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය විශාල ප‍්‍රමාණයක් කරගෙන යා නොහැකි හේතුවෙන් අත්හැර දමා ඇත. නැවත මේවා ආරම්භ කිරීම පමණක් පුනරුදය නොවේ. මධ්‍යම පංතියේ නැගිටීම ඉලක්ක කරගෙන සමස්ථ ප‍්‍රතිශෝධනයක් අවශ්‍යය. සමාජය බල මුළුගැන්විය යුතුය.

රජයේ සේවය කරන පිරිස අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා ගොස් ඇත. අවශ්‍යතා පරිදි කණ්ඩායම් සකස් කර තෝරා සෙසු පිරිස ව්‍යවසායකයන් කිරීමට සැලැස්මක් උවමනා කර තිබේ. ආරක්ෂක අංශ පවා අවශ්‍ය ප‍්‍රමිති අනුව වෙනත් පැතිවලට යොමු කළ යුතුය. ඉතිරි කරගන්නා කාර්ය මණ්ඩලයට කාර්යක්ෂම සේවයක් සදහා පුහුණුවක් ලබාදිය යුතු අතර සේවයට සරිලන වැටුපක්, එම වැටුපෙන් ජීවත්විය හැකි බවට විශ්වාසයක් ඇති කිරීම වැදගත්ය. සමාජ ආයතන, ආණ්ඩුවට හිතවත් පුද්ගලයන් රජයෙන් යැපෙන ක‍්‍රම වහාම අහෝසි කිරීම අවශ්‍යය. විශේෂ ව්‍යාපෘති, සහන ලැබෙන ක‍්‍රම අවසානයේ දී ජනතාවගේ බදු බරක් බව පෙන්වා දිය යුතුය. රාජ්‍ය පාලනයේ දී තාක්ෂණය භාවිතා කළ යුතුව තිබේ. මානව සම්පත නැවත ආකල්ප අතින් සංවර්ධනය කරන, මිත්‍යාව වෙනුවට සත්‍ය කෙරෙහි සමීපවන පිරිසක් බවට හරවන දීප ව්‍යාප්ත ව්‍යායාමයක් අවශ්‍යය. ඒ සදහා ආගමික හා සමාජ නායකයන්, විද්වතුන්, සිවිල් සංවිධාන එකතු කරගත යුතු අතර සියළුම දෙනාට වගකීම් පැවැරිය යුතුය. දේශපාලනයට ගැති කණ්ඩායම් වපුරන පටු අදහස්වලින් කර ඇති විනාශය සුළු පටු නොවේ. නැවත ආපසු හරවන වෙනස්කම් ඇතිකිරීම පහසු නැත. විශාල කැපවීමක්, කැක්කුමක් ඇති නායකත්ව අවශ්‍යවේ. මෙම රාමුව සකස්කරගත් පසු සංවර්ධනය, දියුණුව හා දිළිදුකම තුරන් කිරීම ගැන සාකච්ඡා කළ හැකිය.

spot_img

Latest articles

වැඩි වටිනාකමක් සහිත නෝට්ටුවල අගය අවසන්වන දිනය

ඉන්දිය මහ බැංකුව වරින්වර මුදල් නෝට්ටු අවලංගු කරන්නේ ඇයි? වසර හයකට කලින් රු. දහස හා...

කර්මාන්ත යුගයකින් පෙරළියක්

අග හිගකම් දැනෙන සමාජයක් රට තුළ නිර්මාණය වී තිබේ. එය ආර්ථික අර්බුදයෙහි ප‍්‍රතිඵලයක් වන...

මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ

ශ්‍රී ලංකා - ඉන්දීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ...

නවීන් ගේ යෝජනාවකින් නම් කළල, කලාම් දූපතේ සිට මිසයිල් අත්හදාබැලීම

ඉන්දියාව පසුගිය සතියේ අලූත්ම පරම්පරාවේ න්‍යශ්ඨික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. වඩාත් සූක්ෂම මිසයිල් අත්හදා...
spot_img
spot_img
spot_img